මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලසා දෙන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (07) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් එයාකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියා.
2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්තේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව ප්‍රේමලාල් ජයසේකර ඇතුලූ 03 දෙනෙකුට මරණ දඩුවම නියමවූයේ මෙවර මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට දින 02 කට ඉහතදීයි. කෙසේවෙතත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු ලැයිස්තුවේ 02 වන ස්ථානයට ප්‍රේමලාල් ජයසේකර මනාප ඡන්ද 104 237 ක් ලබාගනිමින් තේරී පත්වුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්