ස්වාධීන කණ්ඩායමක් විසින් මැතිවරණයක් වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් ලක්ෂ සියය දක්වා ඉහළ දැමිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වේ.
එමෙන්ම යම් ලියාපදිංචි දේශපාලන පක්ෂයක් පළමුවරට ඉදිරිපත් වන මැතිවරණයේ දී ප්‍රමාණවත් ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන නොමැති නම් දෙවැනි වරට ඉදිරිපත් වන ඡන්දයේ දී තැන්පත් කළ යුතු ඇප මුදල ද රුපියල් ලක්ෂ පනහක් කළ යුතු බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පිහිටුවන ලද කමිටුවේ සභාපති, ඇමැති නිමල් සිරිපාලද සිල්වා විසින් යෝජනා කර තිබේ.
ඡන්ද පදනමක් නැති ඇතැම් ස්වාධීන කණ්ඩායම් සහ පක්ෂ වෙනත් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත මැතිවරණවලට තරග කිරීම වැළැක්වීම සඳහා මෙසේ ඇප මුදල ඉහළ දැමිය යුතු බවට යෝජනා වී තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ