මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද (04) උදෑසන අටට ආරම්භ වුණා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ පරිශ්‍ර 71ක සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදුකරන බවය.
එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් ජන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර මහ මැතිවරණය සඳහා ජන්දය දැමීමට සුදුසුකම් ලබා ඇත.
දිවයිනේ ජන්ද කොට්ඨාශ 12,774ක පිහිටි ජන්ද මධ්‍යස්ථාන 12,985ක හෙට (05) ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ද ඡන්ද පෙට්ටි සමඟ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කරන අතර ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු යොදවා තිබේ.
මෙවර මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරිම සඳහා අගොස්තු මස 05 වෙනිදා පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන අතර පස්වරු 4 සිට 5 දක්වා කොරෝනා වසංගතය නිසා නිවෙස් නිරෝධායනයට ලක් කොට සිටි පිරිස් සඳහා වෙන් කොට ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්