එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් අනුග්‍රහය දක්වන මෙවර ලෝක පරිසර දිනයේ සත්කාරකත්වය දරනු ලබන්නේ ස්වීඩන් රාජ්‍යයයි.
1973 වසරේ සිට වාර්ෂිකව සමරනු ලබන ලෝක පරිසර දිනයේ 49 වැනි සැමරුම අදට යෙදී තිබෙනවා.
දේශගුණික – ස්වභාවික සහ පරිසර දූෂණ ක්‍රියාවන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙවර පරිසර දිනය Only one Earth හෙවත් එකම මිහිතලයක් යන තේමාව යටතේ විශේෂ වැඩසටහන් ලොව පුරා සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
Only one Earth තේමාව 1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ආරම්භ වූ පළමු පරිසර සමුළුවේ තේමාවයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන එම තේමාව වසර 50 කට පසු ලෝක පරිසර දින තේමාව ලෙස යොදාගෙන ඇත්තේ ගෝලීය තිරසර සංවර්ධනය උදෙසා වෙනත් විකල්පයක් නොමැති බවට පසක් කරමින්.
මේ අතර පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 30 වැනි දින ආරම්භ වූ පරිසර සතිය අද දිනය දක්වා ක්‍රියාත්මකයි.
එමෙන් ම පරිසර සතියට සමගාමීව පළාත් පාලන ආයතන මූලිකත්වයෙන් විවිධ වැඩසටහන් සංවීධාන කර ඇති බව ද එම අමාත්‍යංශය නිවේදනය කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්