1999 වසරේදී මහනුවර මහවෙල ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට අදාලව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහි අධි චෝදනා පත්‍රයක් ශුන්‍ය කිරීමට අභියාචනාධිකරණය අද නියම කලා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලයි නියෝගය ලබාදුන්නේ. මහනුවර මහාධිකරණය හමුවේ මීට අදාළ නඩුව විභාග වෙමින් පැවතුණා.
කෙසේ වෙතත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයේදි පෙන්වා දී තිබුණේ 1999 වසරේදී සිදුවූ අදාළ ඝාතන සම්බන්ධයෛන් දේශපාලන පළිගැනීමක් අරමුණු කර 2015 වසරේදී නඩු පවරා තිබූ බවයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව