ඇමරිකාවේ ජනගහනයෙන් අඩක් පමණ මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙන බව ධවල මන්දිර දත්ත අධ්යක්ෂ ආචාර්ය සයිරස් ෂාපාර් මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී එන්නත් මාත්‍රා 821,000කට වැඩි පිරිසකට ලබා දී ඇති අතර 5,55,000ක් පමණ පළමු මාත්‍රාව ලබා ගෙන තිබේ.
ඇමරිකාව තුළ මුලින්ම එන්නත්කරණය ආරම්භ වුණේ පසුගිය දෙසැම්බර් 14 වැනි දින වන අතර සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් සම්පූර්ණ කිරීමට මාස හතරක් වැනි කාලයක් ගතව ඇත.
ගත වූ දින 7 තුළ සෑම දිනකම සාමාන්‍යයෙන් මාත්‍රාවන් 699,261 ක් ලබා දී ඇති අතර, පසුගිය දින හත තුළ සෑම දිනකම සාමාන්‍යයෙන් පුද්ගලයින් 464,778 ක් එන්නත් ලබා ගෙන ඇති බවද සඳහන්.
මේ වන විට ඇමරිකාව තුළ සමස්ත ආසාදිතයින් 36,447,123ක් වාර්තා වී තිබෙන බවත් මරණ 632,641ක් සිදුව ඇති බවත් දැක්වෙයි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි