පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම රජයේ අභිලාෂය බව ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ නෙළුව – ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීයී. මෙම මාර්ග ව්‍යාපෘතියේදී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවයි පරිසරවේදීන් ප්‍රකාශ කර තිබුණේ. එහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම නිරීක්ෂණයේ අපේක්ෂාව වී තිබුණා.
නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාම, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන කටයුතු යන කාරණාවලදී මෙම මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් බවයි හදුනාගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම මාර්ග ව්‍යාපෘතියෙන් සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පෙන්වා දීමත් සමඟ අදාල ව්‍යාපෘතිය නතරකිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නා.
කෙසේ වෙතත් මෙම ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කොන්දේසි කිහිපයකට යටත්ව අදාල මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නා. වන රක්ෂිතයට හානි නොවන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පළමු කොන්දේසියයි. එමෙන්ම යෝජිත කිලෝමිටර් 18 ක මාර්ගයේ සියළු ඉදිකිරීමේ මාස තුනක් ඇතුලත සම්පූර්ණ කළ යුතු බවටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව නෙළුව සිට දෙණියාය දක්වා බස් රථයක් ධෘවනය කිරීමට ද ලංකාගම ගම්මානයේ පිහිටා ඇති වැල් පාලම වෙනුවට දිගින් අඩි 120 ක් සහ පළලින් අඩි 06 ක් වන ස්ථිර පාලමක් ඉදිකරන ලෙසද ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙණිය යන ගම්මානවල ජනතාවට එමගින් සෙත සැලසෙනවා.
මේ අතර ප්‍රදේශවාසීන් වෙතද කොන්දේසියක් පැනවූ ජනාධිපතිවරයා පැවැසුවේ ලංකාගම පදිංචි එක් පවුලක් විසින් පැල 03 ක් රක්ෂිතය තුළ ඉදිකළ යුතු බවයි. ඒ අනුව පවුල් 700 කින් පැල 2100 ක් රක්ෂිතය තුළ ඉදිවිය යුතු බවටද ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්