දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියි.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමටයි. ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.
කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව අවධාරණය කළ ජනාධිපතිතුමා බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කරයි.
ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ (24) පස්වරුවේ නුගේගොඩ වැලි පාර්ක්උද්යානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමිනි.
වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බව සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව පැවසීය.
වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙම යුගය තුළ ඇති වූ ගැටලුවලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටලුවලටයි. 19 වැනි සංශෝධනයෙන් සිදු වූ වැරදි ඉන් එකකි. 20 වැනි සංශෝධනය ගෙන එමින් එම වැරදි නිවැරදි කෙරිණි. ජාතික ආරක්ෂාව දුර්වලකිරීම නිසා පාස්කු ප්‍රහාරය සිදු විය. ඒ පිළිබඳ සොයා බැලීමට ඔවුන්ම පත් කළ පාස්කු කොමිෂමට පිළිතුරු බැඳීමට සිදුව ඇත්තේ ද වත්මන් රජයටයි. MCC ගිවිසුමට මෙන්ම නැගෙනහිර පර්යන්තය බදුදීමට ගිවිසුම් ගතවූයේ ද පසුගිය රජයේ සමයේය. ඒ පිළිබඳ මතු වූ අර්බුදකාරී තත්ත්වයට ද රජයට මුහුණ දීමට සිදු විය.
ඔවුන්ම ඇතිකළ ගැටළු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිතුමා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටලුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට රජයට සිදුව ඇතැයි පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්