නව වසර උදාවුයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාග්‍යයේ වසර ලෙස ඉතිහාසයට එක්කිරීමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
නව වසර උදාවත් සමග ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇති බවට තමාට දැඩිව විශ්වාස බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්