හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් මම ඉතා සංවේගයට පත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නිල ෆේස් බුක් අඩවියේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
එම ශෝක ප්‍රකාශය මෙසේ ය.
”ලාංකීය දේශපාලන ගමන්මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් මම ඉතා සංවේගයට පත් වීමි.
එතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.”
මේ අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා මහත් කණගාටුවට පත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස් බුක් අඩවියේ පණිවුඩයක් තබමින් සඳහන් කරයි.
එම ශෝක පණිවුඩය මෙසේ ය
”හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා මම මහත් කණගාටුවට පත්වුණෙමි.
කලක් අප සමඟ ඉතා ම සමීපව දේශපාලන කටයුතු කළ එතුමා අපේ කඳවුරේ ද පෞද්ගලිකව මගේ ද දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් හිතවතෙකි; දේශපාලනඥයෙකි; සටන් සගයෙකි.
මේ කනගාටුදායක අවස්ථාවේ මංගල සමරවීර මැතිතුමාගේ පවුලේ සැමට සහ හිතවතුන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්