දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.
ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.
එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය.
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්වේ (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීනයේ, ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් (Wei Fenghe) මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වුණා.
අරලියග මන්දිරයේදී පවතී මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා සමගින් චමල් රාජපක්ෂ, ජි.එල් පීරිස් ,සරත් වීරසේකර,දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත්, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
“ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔබ කළ තීරණය අපි අගය කරමු.වසංගත තත්ත්වය හමුවේ වුවද චීනයේ ඉහළ පෙළේ දූත පිරිස් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවට පැමිණියා.
ඔබගේ මෙම සංචාරය සහ හමුවීම තුළින් අපගේ ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
පළමුවෙන්ම මේ වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සහ එහි සියලු ජයග්‍රහණ සඳහා මගේ උණුසුම් සුබ පැතුම් පළ කරමි.එය සැබවින්ම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.
තවද, දිළිඳුකම තුරන් කිරීමේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව මම ඔබට සුබ පතමි. චීන රජය මිලියන 100 කට ආසන්න ග්‍රාමීය වැසියන් මේ වනවිට දරිද්‍රතාවයෙන් මුදා ගෙන තිබේ.
අනෙක් අතට දරිද්‍රතාවය පිටුදැකීමේ එක්සත් ජනපද ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කයන් වසර 10 කට පෙර සම්පූර්ණ කිරීමට චීනයට හැකි වී තිබේ. මෙය විශිෂ්ට ජයග්‍රහණයකි.
ගරු ඇමතිතුමනි, මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සළකමි.
මෙම වසංගත තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.පසුගිය සති කිහිපය තුළ කොවිඩ් 19 ආසාධිතයින් පිරිස වැඩිවුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සළකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළෙමු.
පශ්චාත් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවට ඔබත් එකඟ වන බව මට විශ්වාසයි.මේ වනවිට අපගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමයි.
එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා ඔබේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.ගරු ඇමතිතුමනි, ඔබගේ මෙම සංචාරය ගැන නැවත වරක් මම ඔබට ස්තූතිවන්ත වන අතර වසංගත තත්ත්වය හමුවේ පැනනගින අභියෝග ජය ගැනීම උදෙසා දැනට පවතින සහයෝගිතාවය වැඩි දියුණු කරගැනීමටත් ඔබ සහ ඔබගේ රජය සමඟ ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙමි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්