ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉල්ලා අස්වීමට නියමිතයි.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව ඊයේ වාර්තා වුණා.
ඒ අනුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දුන් වහාම නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු කටයුතු අද දිනයේම ආරම්භ කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කලේ.
ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාර දීමෙන් පසු ඔහු විසින් ඒ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතයි.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු ඉල්ලා අස්වීමෙන් පසුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු අතර අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක‍්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේ දී පසුගියදා තීරණය කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්