ගෝඨාභ්ය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින අමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සිය නිල ට්විටර් ගිණුමේි සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්වීමත් සමග ශ්‍රී ලාංකික පුරවැසියන් එකමුතුව සියලු පාර්ශ්වයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.
නීතියේ ආධිපත්‍යය සුරකීමට වගබලා ගැනීමත්, ඒ තුළින් රටේ ආර්ථික අස්ථාවරභාව විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ඇයගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාව සතු ප්රජාතන්ත්රවාදී අභිලාෂයන් වෙනුවෙන් හැකි සෑම අවස්ථාවක දී ම අමරිකානු රජය කැපවීමෙන් සහ දැඩි අවධානයෙන් පසුවන බවත් ජූලි චන්ග් වැඩිදුරටත් සඳහන් කරනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්