ගාලු මුවදොර අරගල භූමියේදී අද (22) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනාම පුද්ගලික ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව එක් එක් සැකකරු සඳහා රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියම කර ඇත.
අද (22) අලුයම ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි විරෝධාකරුවන්ට පහර දී ඉවත්කිරීමට පොලිසිය සහ හමුදාව පියවර ගත් අතර එහිදී විරෝධතාකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.
එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, කැලණිය, ඇඹිලිපිටිය, ජාඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දුව,නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 9 දෙනෙකි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්