චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.
ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්