ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවිප්‍රාප්තියට අදට වසර දෙකක් සම්පූර්ණ වනවා.
මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේ නොවැම්බර් මස 18 වැනිදා අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුද බිමේ දී දිවුරුම් දෙනු ලැබුවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඒ මහතාට 69 ලක්ෂයක ජනතා මනාපය හිමිවුනා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් ජනාධිපතිවරයා ගත වූ දෙවසරක කාලය තුළ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් කොරෝනා වසංගතය හමුවේ පවා රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකර ඉදිරියට පවත්වාගෙන යාමට නායකත්වය ලබා දෙමින් සිටිනවා.
ඒ ඡන්ද ලබාගැනිමේ පරමාර්ථය පසෙකලා පරිසර හිතකාමී කෘෂීකාර්මික ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් ද, මෙරට ආර්ථික, පාරිසරික, අධ්‍යාපනික, සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් ද පියවර රැසක් ගෙන ඇති අතර කොරෝනා වසංගතය හමුවේ එන්නත් නිෂ්පාදනය නොකළ රටක් ලෙස ශ්‍රි ලංකාව එන්නත්කරණ වැඩපිළීවෙලින් ඉහළ මට්ටමකට ගෙනඒමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්