ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපති කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කර තිබෙනවා. දෙරට අතර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.අග්‍රාමාත්‍යවරයා ද නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිණියට සුබ පැතුම් එක්කර තිබෙනවා.
ජනපති සහ අගමැතිගෙන් අමෙරිකානු නව පාලනයට සුබ පැතුම්

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ