බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි පවුලක් වන කපූර් පවුලේ සාමාජිකයකු වන නළු රජිව් කපූර් අද (9) අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු වන රජිව් කපූර් ඉන්දීය සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැලකෙන රාජ් කපූර්ගේ බාල පුතුණුවන් ද වේ. ඔහු රන්දීර් කපූර් සහ රිෂි කපූර්ගේ සොහොයුරාද වේ. රජිව් කපූර් මිය යන විට 58 හැවිරිදි වියේ පසුවිය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති රජිව් කපූර් ඉන්ලක්ස් රෝහලේදී මරණයට පත්ව ඇත. රජිව් කපූර් ඉන්දීය සිනමාවට සම්බන්ධ වූයේ 1983 වසරේ දී ය. ‘‘ඒක් ජාන් හයින් හම්’’ ඔහුගේ මුල්ම චිත්‍රපටය විය. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ 1985 වසරේ තිරගත වූ ‘රාම් තේරි ගංඟා මයිලි’ චිත්‍රපටයෙනි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට