ඉදිරියේදී ද ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට නියමිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ ඒවා විවේචනයට ලක්වුවද අනාගතයේදී රටටත් ජනතාවටත් එහි ප්‍රතිලාභ හිමිවනු ඇති බවයි.
කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වන අතර රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති අපනයන සම්මාන උළෙල අමතමින්.
මෙම ජනාධිපති අපනයන සම්මාන උළෙල 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කළ අතර මෙවර එහි 24 වන සම්මාන උළෙලයි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කරන්නේ නම් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කරගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු කඩිනමින් විසඳන බවට සහතික වූ අතර එම ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳ කටයුතු කළ යුතු බවයි සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්