ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් ඊයේ සිය දිවි හානි කර ගත්තා. සුෂාන්ත් සිං ගේ මරණය සිදුවන්නේ ඔහුගේ හිටපු කළමනාකාරිනියගේ මරණයෙන් දින කිහිපයකට පසුව වන අතර සැකමුසු කාරණා ගැන තවම පරීක්ෂණ සිදුවනවා.
ඊයේ(14) උදෑසන මුම්බායි හි බන්ඩ්‍රා ප්‍රදේශයේ පිහිටි නිවසේදී ඔහු ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 34වැනි වියෙහි පසුවන සුෂාන්ත් සිං රාජ්පුත්, 2013 වසරේ දී ‘කයි පෝ චේ’ චිත්‍රපටය සමඟ හින්දි සිනමාවට පිවිසුණා. ‘එම්.එස්. දෝනි’ චරිතාපදානය සුෂාන්ත් සිං ගේ සිනමා දිවියේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ චරිතය වුණා. දිල්ලි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිටිය දී වෘත්තීමය වශයෙන් රංගන දිවියට පිවිසීම සදහා ඔහු සරසවි දිවිය අතහරිනු ලැබීය.
ඔහුගේ හිටපු කළමනාකාරිනිය කළමනාකරු දීෂා සාලියන් සියදිවි නසාගෙන තිබුණේ. සාදයකින් පසු දීෂා සිය මහල් නිවාසයේ ජනේලයෙන් පැන බවයි සදහන් වුණේ. සුෂාන්ත් සිං ගේ මරණයේ මූලික පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ සුෂාන්ත් පසුගිය දින කිහිපය තුළ මානසික අවපීඩනයෙන් පෙළෙනු බවයි. කෙසේ නමුත් සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් හෙළිව නොමැති බව සදහන්වනවා.

More Stories
ඇමරිකානු බුද්ධි අංශ නීතිවිරෝධීව රහස්‍ය තොරතුරු සොරකම් කර ඇති බවට චීනය චෝදනා කරයි
චීන – රුසියා ප්‍රායෝගික සහයෝගිතා පුළුල් කිරීමට චීනයේ සූදානමක්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකුවට එක්වීමට ඉන්දුනීසියාව තීරණය කරයි