මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී යෝජනා කර තිබෙනවා.
ඒ දෙවන දිනටත් කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙමින්.
එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.
මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද නිමල් පුංචිහේවා අවධාරණය කලා.
විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙසයි සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ.
ආබාධිත අයට ඡන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද කොමිෂන් සභාව මෙහිදී යෝජනා කලා.
දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බ්‍රේල් ක්‍රමය ඔස්සේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය වන්නේ.
විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ඡන්ද පොළ තුලදීම ඡන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බවයි කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.
මේ අතර නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාව හමුවේ කියා සිටියා.
විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්