පලමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණිමට පෙර මත්තල ගුවන්තොටුපල පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ (28) සිට ජනවාරි 24 දින දක්වා මෙම සංචාරක නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. රුසියානු සමූහාණ්ඩුවට අයත් රටවල් වලින් සංචාරකයන් 2580ක් මෙරටට පැමිණීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.
සංචාරක බුබුල (Travel Bubble) සංකල්පය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය ක්‍රියාත්මකයි. හඳුනාගත් කලාපයක මෙම අයට නවාතැන් සැපයෙන බවත් ඔවුන් සහ ප්‍රදේශවාසීන් අතර කිසිඳු සම්බන්ධයක් ඇති නොවන පරිදි මෙය සැලසුම් කර ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මෙම නියාමන ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂණය කර එහි අඩුපාඩු හඳුනාගෙන ඒවාද නිවැරදි කර ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ලබන ජනවාරි මස අග දී ගුවන්තොටුපල නිල වශයෙන් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.
ඒ අනූව වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බවද ඔහු අවධාරණය කළේය.
“ සංචාරකයන්ට රට යළි විවෘත කිරීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේ කටයුතු අඩාල වන්නේ නෑ. සංචාරකයන් ආවත් අපේ ප්‍රමුඛතාව මව්බිම ඒමට සිටින අපේ ජනතාවටයි. ඒ වගේම සංචාරකයන්ට රට නැවත විවෘත කිරීම සමඟ සංචාරක පොකුරු ඇතිවේවි යැයි කිසිවෙකු බිය විය යුතු නෑ.
අපි මේ නියාමන ව්‍යාපෘතිය තුල සංචාරකයන් හා අපේ රටේ ජනතාව සම්බන්ධ වීම උපරිමයෙන් අවම කර තිබෙනවා. සංචාරකයන්ට ගැවසිය හැක්කේ අදාල හෝටල්වල හා වෙරල තිරයේ පමණයි.
මේ කාලය තුල ඔවුන් සිටින ප්‍රදේශයට මෙරට වැසියන්ට යාමට නොහැකියි. සංචාරකයන් රටින් පිටව ගිය පසු අදාල හෝටල් සේවකයන් දින 14ක් එම හෝටල්වලම නිරෝධායනය කරනවා.
ඒ නිසා ඒ ගැන අනියත බියක් ඇති කරගත යුතු නෑ.” අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්