වර්තමානයේ පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකළහොත් එළඹෙන ජනවාරි මාසය වනවිට මෙරට කොවිඩ් මරණ 18,000ක් දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්ෂණයකදී තොරතුරු අනාවරණය වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සමග එක්වී සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.
ඒ අනුව එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ දිනයේ දී භාර දී තිබේ.
දැනට පවතින කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා එම වාර්තාවෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ප්‍රබල ලෙස ඉන් දන්වා ඇත්තේ සංචරණ සීමා පැනවීම පිළිබඳවය.
දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා වර්තමාන කොවිඩ් තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව මෙහිදී ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවද එම නිර්දේශවල සඳහන්ය.
අවම වශයෙන් කෙටි කාලයකට හෝ ඇඳිරිනීතිය පැනවීම මෙන්ම සති 03ක කාලයක් සියලු උත්සව නවතාදමා දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතු බවට ද එම සමීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
මේ අතර සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ද ඔවුන් අදාළ සමීක්ෂණය මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සියලුදෙනා එන්නත්කරණ වැඩසටහනට සහභාගී කරවීම පිළිබඳව ද අදහස් ඉදිරිපත් කර ඇත.
එමෙන්ම කොවිඩ් රෝගයේ පවතින බරපතළකම සම්බන්ධයෙන් ජනතාව ඉතා දැඩිව දැනුවත් කළ යුතු බව අදාළ සමීක්ෂණය මගින් පෙන්වා දී තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්