ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
ඒ හේතුවෙන් ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.
වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර මහතා සඳහන් කර ඇත්තේ.
ඇතැම් ප්‍රදේශ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදුකර තිබෙනවා.
එම තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවධානම පහව නොයන බව දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව අවධාරණය කරනවා.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග