උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජකයන් ලෙස එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.
ඔහු මේ බව සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හමුවූ අවස්ථාවේදීයි.
සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු සහ එහි ප්‍රගතිය මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී අමරිකානු සහකාර ලේකම්වරිය දැනුවත් කරනු ලැබුවා.
ඊට ප්‍රතිචාර දක්වමින් ඇය සඳහන් කළේ කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරා සාමාජිකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය බවයි.
ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල සංවර්ධනයට සහාය ලබාදීමටත් මෙහිදී වික්ටෝරියා නූලන්ඩ් එකඟත්වය පළ කර තිබෙනවා.
රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද ඇය ඇගයීමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්