කොරෝනා වෛසරය අසාදානය වීමෙන් පසු මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් එකිනෙකා එක් එක් ස්ථාවර සිටිමින් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවට අද නිශ්චිත විසඳුමකට හෝ එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු මාලදිවයිනට අයත් දූපතක මිහිදන් කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන බවත්, මෙරටදීම කොන්ක්‍රීට් වලක මිහිදන් කිරීමට අගමැතිවරයා කරුණු සොයා බලමින් සිටින බවත් ඔහු පවසනවා. එසේ තිබියදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මුස්ලිම් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බවට වෙනත් රටවල උදාහරණද සහිතව පෙන්වා දී ඇති බවයි මුජිබර් රහුමාන් මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ උපන් මුස්ලිම් ජනතාව වෙනත් රටක මිහිදන්වීම අපේක්ෂා නොකරන බවත්, මෙරටදීම අවසන් ගමන් යෑම ඔවුන්ගේ බලාපොරොත්තුව වන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පවසන්නේ ඒ සඳහා මුස්ලිම් ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවයි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්