ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසනවා.
මෙම නිලධාරියා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙකී නිලධාරියා පළමුපෙළ ආශ්‍රිතයකු බව හඳුනාගෙන ඇති අතර බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පී.සී. ආර්. පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගෙන තිබූ අතර එහි ප්‍රතිඵල අනුව ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ආසාදිත නිලධාරියා හම්බන්තොට රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි