අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය දූ දරුවන් සතු වන බව ත් දරුවන්ට ඒ අවුරුදු අසිරිය රැක දීම ට ජනතාව වඩාත් සංවේදී වන බව තමා දන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
හෙතෙම ඒ අදහස් පල කර ඇත්තේ සිය අලුත් අවුරුදු පණිවිඩය නිකුත් කරමිනි.
පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා වැඩිදුරට ත් සිය පණිවිඩයේ සඳහන් කර ඇත.
ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය මෙසේය.
“වර්තමානයේ පවතින ආර්ථික හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලාංකේය අපට ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ.
අප එය ජය ගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව ය.
එල්ල වූ අභියෝග හමුවේ ඔබ අත්විඳි අපහසුතා බොහෝ ය. අපගේ රජය විසින් පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ජන ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගනිමින් සිටිමු.
කෙසේ වෙතත් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමග පිළිගැනීම පුරාතනයේ සිට පැවත එන අපගේ පිළිවෙත වේ.
මෙවර අලුත් අවුරුදු උදාව ද අප සමරන්නේ එකී අපේක්ෂාවන් සහ නැවුම් බලාපොරොත්තු සමග ය.
අලුත් අවුරුද්දේ සැබෑ අයිතිය අපගේ දූ දරුවන් සතු වේ.
දරුවන්හට ඒ අවුරුදු අසිරිය රැක දීම ගැන ඔබ වඩා ත් සංවේදී වන බව මම දනිමි.
එසේ ම, අවුරුදු අසිරිය අත්විඳීමට දූදරුවන් සමග එක් වීමට අවස්ථාව අහිමි විශේෂ රාජකාරිවල නිරත සැම මෙන් ම විදෙස්ගත සියලු දෙනාගේ කැපවීම සිහිපත් කරමි.
ලැබූවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යවත් වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්