ඉදිරි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය පළමු වරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වී තිබෙනවා.
අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර, අමුද්‍රව්‍ය සහ කාර්මික භාණ්ඩ සඳහා විකල්ප හඳුනා ගැනීමේ අරමුණින් මෙම කමිටුව පත්කළා.
අදාළ අනු කමිටු රැස්වීමේදී ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගැනීම සඳහා මෙරට හවුල්කාර රටවලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක් සියලුම අමාත්‍යාංශ සහ ආයතනවලින් ලබාගන්නා ලෙස අනුකමිටු විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති පත් කළ ආර්ථික අනු කමිටු රැස් වෙයි

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට