ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ 79 වැනි උපන් සමරයි. උපන් දිනය වෙනුවෙන් බයිඩන්, බිරිඳ ජිල් ද සමඟ ඩෙලවෙයාර් ජනපදයේ විල්මින්ටන් හි පිහිටි ඔවුන්ගේ නිවස බලා ගිය බව ධවල මන්දිරය නිවේදනය කළේය.
බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූයේ මෙම වසරේ ජනවාරියේය. ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත් වූ වයස්ගතම ජනාධිපතිවරයා බයිඩන්ය.
උපන් දිනය වෙනුවෙන් විශේෂ සාද හෝ රැස්වීම් කිසිවක් පැවැත් වූයේ නැතැයි ද පැවැසෙයි. මේ අතර, බයිඩන්ගේ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රබලයන්ගෙන් බයිඩන්ට උණුසුම් උපන් දින සුබ පැතුම් ලැබුණි. ඒ, ට්විටර් පණිවුඩ ලෙසය. පළමුවෙන් සුබ පැතුම් එක් කිරීමට කටයුතු කළේ උප ජනාධිපතිනිය කමලා හැරිස් ය.
පාර්ලිමේන්තු කතා නායිකා නැන්සි පෙලෝසි, ජනාධිපති බයිඩන්ට සුබ පතමින් පළ කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වී ඇත්තේ, බයිඩන්, ජනාධිපති ධුරයේ සිටීම ඇමෙරිකානුවන්ට ආඩම්බර බවත්, බයිඩන්, ජනතාවට ආදරේ සැබෑ ඇමෙරිකන් නායකයකු බවත්ය.
‘මගේ සොහොයුරාට මගේ මිතුරාට සුබ උපන් දිනයක්’ යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. ඇමෙරිකාවේ කළු ජාතික ජනාධිපති ලෙස බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ