ජනාධිපති 21 ඇමරිකාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 21 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ, එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා සමුළුවට සහභාගිවීමටය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතන පළමු අවස්ථාව ද මෙය වේ.

එමෙන්ම ඔහු දිවයිනෙන් බැහැරව ජාත්‍යන්තර සමුළුවක් ඇමතීමට සහභාගි වන පළමු අවස්ථාව ද මෙය වේ.

එම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් කිහිප දෙනකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද සහභාගිවීමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com