ජපන් මුහුදු සීමාවට අයත් ප්‍රදේශයකට චීන නෞකා දෙකක් අනවසරයෙන් ඇතුළු වී තිබෙන බව සඳහන් ය.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර චීන මුහුදේ පිහිටි සෙන්කාකු දූපතට පසුගිය දිනෙක එම නෞකා පැමිණ ඇති බවය.
අදාළ දූපතේ ජපාන ධීවර යාත්‍රා දෙකක් ආසන්නයට මෙම චීන නෞකා දෙක ලගා වෙමින් තිබූ බව ජපාන වෙරළාරක්ෂක බලධාරින් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් කඩිනමින් එම නෞකා දෙක මෙම මුහුදු ප්‍රදේශයෙන් ඉවත් කරන ලෙස ජපාන වෙරළාරක්ෂක නිලධාරින් දැනුම් දී ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි