ජපන් ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500ක ප්‍රදානයක් ලබාදීමට එරට රජය එකඟත්වය පළ කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
මෙරට ශාක ස්වස්ථතා සහතිකකරණය වැඩි දියුණු කිරීම සදහා එම අධාර ලැබෙන බව සදහන්.
ඉක්මනින් නරක් වන ශාකමය භාණ්ඩ අපනයන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම එමගින් සිදුකරනු ලබනවා.
රජයේ ඉල්ලීම මත, රට තුළ අපනයන සහතික කිරීම සඳහා රෝග විනිශ්චය ශිල්පීය ක්‍රම සහ ශාක සනීපාරක්ෂක පරීක්ෂණ සේවා ශක්තිමත් කිරීම සඳහා උපකරණ සැපයීම සඳහායි ජපන් රජයේ එකඟත්වය පළ කර ඇත්තේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි