න්‍යෂ්ටික අපජලය සිය අභිමතය පරිදි මුහුදට මුදාහැරීම නතර කරන්නැයි චීනය ජපානයෙන් ඉල්ලයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේ ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉකුත් 08වැනි දා පැවති, ‘ජගත් මුහුදු නීතිය පිළිබඳ සම්මුතියේ’ 40 වැනි සංවත්සර සමුළුවේ දී පැසිෆික් දූපත් රාජ්ය සංසදයේ නියෝජිතයෝ දේශනයක් පැවැත්වූහ. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ, ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය මුහුදට මුදාහැරීම ප්‍රමාද කළ යුතු අතර, ඒ සඳහා ඇති විකල්ප ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බවයි.
න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම ගෝලීය සාගර පරිසරයටත්, ඒ ආශ්‍රිත රටවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයටත් බලපාන බව ද ඔහු පෙන්වා දෙයි. මෙය ජපානයට පමණක් අදාළ පෞද්ගලික කරුණක් නොවේ. විවිධ පාර්ශ්වයන්ගේ යුක්ති සහගත සැලකීම කෙරෙහි අවධානය යොමුකර, අපජලය මුහුදට මුදාහැරීමේ සැලැස්ම නතර කරන්නැයි චීනය යළිත් ජපානයෙන් ඉල්ලා සිටී. න්‍යෂ්ටික අපජලය පාලනයට නිසි ක්‍රම සොයා ගත යුතු අතර ඒවා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ දැඩි අධීක්ෂණයට ලක් විය යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි