ජපානයේ ඔසාකා නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබෙනවා
සාප්පු සංකීර්ණ රැසක් පිහිටි කලාපයේ පටු ගොඩනැගිල්ලක සිව්වන මහලේ පිහිටි කාර්යාලයක ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
සිද්ධිය වාර්තා වී මිනිත්තු 30ක් ඇතුලත ගින්න නිවාදැමීමට ඔසාකා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට හැකිවී තිබෙනවා
ඒ සඳහා ගිනි නිවන රථ 70ක් පමණ යොදාගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අනතුරට පත්වූ පුද්ගලයින් 28 දෙනාගෙන් 27 දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්