නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කඩුවෙල අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුවය.
ඊයේ (10) දහවල් නවගමුව, බටේවෙල ප්‍රදේශයේ දී ඇය අත්අඩංගුවට පත්ව තිබේ.
මුදල් රු 361,000 ක් හා රු 485,500 ක මුදලක් වංචා කළ බවට ඇයට එරෙහි ව පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 49ක් වු දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සැකකාරිය සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 4ක් සොයා ගෙන තිබේ.
සැකකාරියට විරුද්ධව විවිධ අධිකරණවල නඩු 32ක් හා එම අධිකරණ මඟින් නිකුත් කර ඇති වරෙන්තු 17ක් පමණ ඇති බව අනාවරණය වී ඇත.
සැකකාරිය අද (11) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ