ජපානයේ බහුතරයක් ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම විවේචනය කිරීම, විරුද්ධ වීම සහ ඊට අනුරූපව වැළැක්වීමේ පියවරයන් ගැනීම අවිවාදිත කරුණක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසීය.
න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම සාගර පරිසරයට සහ මානව සෞඛ්‍යයට හානියක් වන බවත් එය කිසිසේත්ම ජපානයේ පෞද්ගලික කාරණයක් නොවන බවත් Wang Wenbin මහතා අවධාරණය කළේය. ඇතැම් රටවල් දේශපාලන අරමුණු සඳහා “කොළ එළිය” ලබා දුන්න ද ඉන් අදහස් වන්නේ බාධාවකින් තොරව යා හැකි බව නොවේ. ජපානයේ ක්‍රියාවන් ජාත්‍යන්තර ප්‍රජාව නොසලකා හරිමින් බලය අවධාරණය කිරීමක් මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා නොසලකා හරිමින් ස්වයං අභිලාෂය තවදුරටත් හෙළිදරව් කිරීමක් බව හෙතෙම පැවසීය.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය