ජපානය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අදාළ වාර්තාව සිය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට ලබා දුන් අවසර පත්‍රයක් ලෙස යොදා නොගත යුතු බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා එසේ ප්‍රකාශ කළේ අද(11) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය. ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය පානය කිරීමටත්, පිහිනීමටත් යොදා ගත හැකි බව යම් පාර්ශ්වයන්ගේ මතය නම්, ජපාන පාර්ශ්වය කළ යුත්තේ එම පාර්ශ්වයන්ට එම ජලය සැපයීම මිස ජගත් ප්‍රජාවට ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීම නොවන බව හෙතෙම පැවසීය.
මෑතකදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අවධානය යොමු කළහොත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අදාළ වාර්තාව මතභේදාත්මක බව ප්‍රකාශ විය. මෙම ඇගයීමට සහභාගී වූ විශේෂඥයෝ විවිධ අදහස් දැක්වූහ. කෙසේ වුවද, න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් පිළිබඳව, නිසි විමර්ශනයකින් තොරව හදිසියේම එළිදැක්වුණු අදාළ වාර්තාවේ අදාළ නිගමන සීමිත සහ ඒකපාර්ශ්වික වේ. එහෙයින් ෆුකුෂිමා න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමේ සැලැස්ම හේතුවෙන් ජගත් ප්‍රජාවගේ අවධානය මෙවැනි සිද්ධි මත කිසිවිටක වෙනස් කළ නොහැකි බව හෙතෙම පෙන්වා දී ඇත.
ජපානය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීම පිළිබඳ චීනයෙන් ප්‍රකාශයක්

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්