ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම ආරම්භ කිරීමෙන් පසු චීනය ආනයන සීමා කිරීම කිසිසේත් පිළිගත නොහැකි ක්‍රියාවක් බව ජපාන විදේශ අමාත්‍යංශය ඊයේ (4) ප්‍රකාශ කළේය. ඊට අදාළ ලේඛන ලෝක වෙළඳ සංවිධානය වෙත ද ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(5) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ජපානය න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම පිළිබඳ චීනයේ ස්ථාවරය අවස්ථා රැසකදී ප්‍රකාශ කළ බවයි. ජපානය බලහත්කාරයෙන් න්‍යෂ්ටික අපජලය මුහුදට මුදාහැරීම සමුද්‍ර පරිසරයට මෙන්ම පොදු ජනතාවගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයකි. ඒ පිළිබඳ ජගත් ප්‍රජාවේ අවධානය යොමුව ඇති අතර වැළැක්වීමේ පියවරයන් ද අනුගමනය කරයි. මෙම සියලු කරුණු විමසා බලන විට චීනය ගන්නා ලද අදාළ පියවර සාධාරණ මෙන්ම අත්‍යවශ්‍ය බව Mao Ning මහත්මිය පෙන්වා දී ඇත.
More Stories
සමාගම් ක්‍රියාත්මක කිරීම හා මිළදී ගැනීම් සම්බන්ධයෙන් වෙළඳපල මූලධර්ම මත පදනම්ව ක්‍රියා කළ යුතු බව චීනය පවසයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන ආර්ථිකය පිළිබඳ සුබවාදී අපේක්ෂා පළ කරයි
චීනයේ විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂ ඇතුළු නියෝජිතයන් සමග චීන ජනපති වසන්ත උත්සවය පිළිගැනීමේ අවස්ථාවකට එක්වෙයි