ජපානය ෆුකුෂිමා න්‍යෂ්ටික අප ජලය සාගරයට මුදා හැරීමෙන් සමුද්‍ර පරිසර අයිතීන් සහ අභිලාෂයන් බරපතල ලෙස අනතුරට ලක් කර ඇති අතර ගෝලීය න්‍යෂ්ටික බලශක්ති කර්මාන්තයේ ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතාවලට ද හානි සිදු කර ඇතැයි චීන පරමාණුක බලශක්ති අධිකාරිය ප්‍රකාශ කරයි.
එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ජපාන රජයේ මෙම පියවර ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධිකාරීත්වය සහ විශ්වසනීයත්වය බරපතල ලෙස නොතකා හැරීමක් යැයිද සඳහන් කරයි .
ෆුකුෂිමා න්‍යෂ්ටික අප ජල බැහැර කිරීමේ සැලැස්ම පිළිබඳ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ඇගයීම ජපානයේ ඒකපාර්ශ්වික ඉල්ලීමක් මත සිදු කර ඇත. එය තාක්ෂණික සහාය සහ උපදේශන ඇගයීමක් වන අතර ඊට ජාත්‍යන්තර නීතිමය තත්ත්වයක් නොමැත.එම සැලැස්ම මගින් ජපානයට න්‍යෂ්ටික අප ජලය බැහැර කිරීම සඳහා කිසිදු නීත්‍යනුකූල භාවයක් හෝ හිමිකමක් ලබා දී නොමැත.
ජපාන රජය පසුගිය මාසයේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය මගින් නිකුත් කරන ලද එම තක්සේරු වාර්තාව න්‍යෂ්ටික අප ජලයේ සුරක්ෂිතභාවය සහ හානිකර නොවන බව දැක්වීම සඳහා වැරදි ලෙස භාවිත කර තිබේ.එය සම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී ,වගකීම් විරහිත සහ ජාත්‍යන්තර පොදු අභිලාෂයන් නොතැකීමක් යැයි ද චීන පරමාණුක බලශක්ති අධිකාරිය ප්‍රකාශ කියා සිටී.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය