ජපන් ආක්රමණිකයන්ගේ 731 වන ඒකකයේ සාමාජිකයෙකු වූ Hideo Shimizu ඓතිහාසික සත්‍ය හෙළිදරව් කිරීම චීනය අගය කරයි.
Hideo Shimizu පසුගියදා චීනයේ Harbin නගරයේ පිහිටි 731 වන ඒකකයේ අපරාධ සාක්ෂි ප්‍රදර්ශන ශාලාවට සහ එම ඒකකයේ පැරණි ස්ථානයට ගොස් 731 වන ඒකකයේ අපරාධ සම්බන්ධයෙන් හෙළිදරව් කළ බව වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (13) මේ බව පැවසීය.
දෙවන ලෝක යුද සමයේ චීනයට පැමිණි ජපන් ආක්‍රමණිකයන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින්, චීන ජනතාවට එරෙහිව දරුණු ජීව විද්‍යාත්මක විෂ ද්‍රව්‍ය සහ වෛරස් භාවිත කරමින් යුද්ධයක් දියත් කළ අතර, අමානුෂික දරුණු අපරාධ ද සිදු කළ බව ඔහු එහිදී සඳහන් කර ඇත.
ඓතිහාසික සත්‍යය හෙළිදරව් කිරීම සහ එයට මුහුණ දීමට Hideo Shimizu සතු ධෛර්යය චීනය අගය කරන බව Lin Jian මහතා පැවසීය. යුක්තිය වෙනුවෙන් දේශීය හා විදේශීය ඉල්ලීම්වලට සවන් දෙමින්, ජපානයේ මිලිටරි ආක්‍රමණ ඉතිහාසය නිවැරදිව සහ ගැඹුරින් අවබෝධ කර ගන්නා ලෙසත්, චීනය ඇතුළු ඉන් පීඩාවට පත් ආසියාතික රටවල ජනතාවගේ හැඟීම්වලට සැබවින්ම ගරු කරන ලෙසත් Lin Jian මහතා ජපානයෙන් ඉල්ලා සිටී.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ