ජපානයේ ශ්‍රම හිඟයට ලංකාවෙන් පිරිස සොයයි
ජපානයේ ජමනාරං සහ දොඩම් අස්වනු නෙළීම සඳහා ශ්‍රී ලාංකික තරුණ ශ්‍රමිකයන් යොදා ගැනීම සඳහා වූ ඉල්ලීමක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ජපානයේ පවතින ශ්‍රම හිඟය ඊට හේතු වෙයි. මෙමගින් විදේශ විනිමය ලබාගැනීමට සහ ද්වීපාර්ශ්වික සබඳතා තර කරගැනීමට පිටිවහලක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ජමනාරං වගාව පිළිබඳ මූලික තාක්ෂණ පුහුණුවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සීමාවාසිකව ලබාදෙයි. ඉන්පසු වසර තුනක සේවා කාලයක් හිමිවෙයි.
අස්වනු නෙළීමට අමතරව වල් නෙළීම, වගා පාලන කටයුතු, ක්ෂේත්‍ර කළමනාකරණයද ජපන් ගොවීන් සමග සදුකළ යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.
උසස් තත්ත්වයේ කහ ජමනාරං සහ දොඩම් ජපානය විසින් ශ්‍රී ලංකාවටද හඳුන්වා දී තිබේ. එලෙස හඳුන්වා දුන් ජමනාරං ප්‍රභේද තුනක් හොරණ පලතුරු පර්යේෂණ ආයතනයේ ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට