ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
කැටගොඩ මහතා මෙසේ පත් කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇතිවුණු පුරප්පාඩුවටය.
කැටගොඩ මහතා පාර්ලිමේන්තුව මෙයට පෙර අවස්ථා කිහිපයක්ම නියෝජනය කළේය.
ඔහු බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්