ජර්මනියේ ජාතික මැතිවරණය ඡන්ද විමසීම ඊයේ(23) අවසන් විය. එහිදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය සහ ක්‍රිස්තියානි සමාජ සංගමයෙන් සමන්විත ජර්මනියේ විපක්ෂ කොන්සර්වේටිව් පක්ෂ සන්ධානය අනෙකුත් පක්ෂවලට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කර තිබේ.
ජර්මානු මාධ්‍ය වාර්තාවලට අනුව නිකුත් කළ ප්‍රතිඵලවලින් පෙනී ගියේ විපක්ෂ සන්ධානය සමස්ත ඡන්දවලින් 29% ක ප්‍රතිශතයක් දිනා ගෙන ඇති බවයි. චාන්සලර් Olaf Scholz මහතා නියෝජනය කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලබා ගත හැකි වූයේ 16% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ඒ සමගම ජර්මනියේ වත්මන් චාන්සලර් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක Olaf Scholz මහතා මැතිවරණ පරාජය පිළිගෙන ඇත. තම ධුර කාලය අවසන් වන තෙක් චාන්සලර්වරයා ලෙස සිය රාජකාරි අඛණ්ඩව ඉටු කරන බව Scholz මහතා පවසා ඇති අතර, විපක්ෂ සන්ධානයේ අපේක්ෂක Friedrich Merz මහතාගේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර ඇත.
More Stories
2025 වසරේ බෝ ආඕ ආසියානු සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි
කැනඩා-ඇමරිකා සමීප සබඳතා පැවති යුගය අවසන් වූ බවට කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය යළි සහතික කරන ඩෙන්මාර්කයෙන් ඇමරිකාවට විරෝධය