චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමු වෙයි. එම හමුව බ්‍රසීල වේලාවෙන් 19වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා 19වැනි ජී-20 නායක සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිය.
ලොව දෙවන හා තුන්වන විශාලතම ආර්ථික ඒකක හා වැදගත් බලපෑමක් සහිත රටවල් වන චීනය හා ජර්මනිය දිගුකාලීන මෙන්ම උපායමාර්ගික වශයෙන් දෙරටේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව තහවුරු කරමින් පොදු ජයගහ්‍රණය සහිත සහයෝගීතාවන් පැවැත්විය යුතු බව ෂී ජින්පිං මහතා එම හමුවේදී පැවසීය. චීන මාදිලියේ නවීකරණයේදී වැදගත් සහයෝගී හවුල්කාර රටක් ලෙස චීනය ජර්මනිය සලකන අතර ජර්මන් සමාගම් වෙනුවෙන් වෙළඳපොලේ පුළුල් අවස්ථා සපයනු ඇත. ඩිජිටල්කරණය, ස්වයංක්‍රීකරණය හා කාබන්හරණය ආදී ක්ෂේත්‍රවලදී දෙපාර්ශ්වයේ සහයෝගිතා වැඩිදියුණු කළ යුතු ය. චීන විදුලි මෝටර් රථ වෙත යුරෝපා සංගමය අතිරෙක අතිරේක තීරු බදු පැනවීම ගෝලීය අවධානයට ලක්ව තිබේ. සංවාද හා සාකච්ඡා ඔස්සේ මතභේද විසඳීම චීනය අනුගමනය කරන අතර ඒ වෙනුවෙන් ජර්මනිය අඛණ්ඩව දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා කියා සිටියේය.
එහිදී ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා පැවසුවේ ජර්මනිය හා චීනය සංවාද හා සහයෝගීතා ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවයි. චීනය සමග දෙරට සබඳතාව තවදුරටත් වර්ධනය කරමින් බහුපාර්ශ්වික සංවාද හා සහයෝගීතා ශක්තිමත් කරමින් ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් කැපවීමට ජර්මනිය කැමැත්තෙන් සිටී. යුරෝපා සංගමය හා චීනය සංවාද හා සාකච්ඡා ඔස්සේ විදුලි මෝටර් රථ ප්‍රශ්නය විසඳා ගැනීමේදී ජර්මනිය සිය සක්‍රිය දායකත්වය ලබා දෙන බව ද Olaf Scholz මහතා සඳහන් කර ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි