තම රට තුළ හතර වැනි කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් පවසනවා.
දෛනික ආසාදිතයින් 52,800 ක් ඊයේ දිනයේ එරටින් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මතුව ඇති අර්බුද තත්ත්වය හේතුවෙන්, බූස්ටර් එන්නත ලබාදීම කඩිනම් කළ යුතු බවයි චාන්සලර්වරිය පෙන්වාදී ඇත්තේ.
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම බලපෑම් එල්ල වූ රටවල් අතර 10 වන ස්ථානයට ජර්මනිය පත්ව තිබෙනවා.
එරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛයාව 5,038,500 කට අධිකයි.
මරණ 127,912 ක් සිදුව ඇති බව සඳහන්.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ