ජර්මනියේ වැඩි අවදානම් සහිත හා වයස්ගත පුද්ගලයන්ට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ.
එම එන්නත්කරණ වැඩසටහන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ තීරණය ගෙන ඇති අතර ඒ සඳහා භාවිතා කරන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත් දෙකය.
එහිදී ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයන් වෙතද බූස්ටර් මාත්‍රාව ලබාදෙනු ඇත.
මේ අතර අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය නැවතත් ශීඝ්‍රයෙන් වසංගතයට ගොදුරු වෙමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එම ප්‍රාන්තයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් මෙන්ම කොවිඩ් මරණ ප්‍රමාණයද ඉකුත් සතියේ කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණි.
ජනතාවට ආරක්ෂිත මුහුණු ආවරණ සහ කොවිඩ් මර්දන එන්නත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ෆ්ලොරිඩා ආණ්ඩුකාරවයා විරෝධය පළ කළ බවත් මේ වනවිට රෝහල්ගත කොවිඩ් රෝගීන්ගෙන් හතරෙන් එකක් පමණ වාර්තා වන්නේ එම ප්‍රාන්තයෙන් බවත් අමෙරිකානු සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
ඉන්දියාවේ මාරාන්තික දෙවන කොවිඩ් රැල්ල පහව ගොස් මාස කිහිපයක් ගතවෙද්දී කේරළ ප්‍රාන්තයේ ආසාදිතයන් යළි ඉහළ යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු වී තිබේ.
ඉන්දියාවේ නව ආසාදිතයන්ගෙන් අඩක් පමණ වාර්තා වන්නේ කේරළයෙනි.
වසංගත ව්‍යාප්තිය පාලනයට ගතහැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා ෆෙඩරල් රජයේ විශේෂඥයන් පිරිසක් කේරළයේ වැඩි අවදානම් දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වී තිබුණි.
මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 19 කෝටි 95 ලක්ෂය ඉක්මවා තිබේ.
වසංගතයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 42 ලක්ෂ 47 දහසකට අධිකය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි