ජර්මනියේ ආහාර ඇණවුම් බෙදාහරින ආයතනයක සේවකයෙකු වූ ඇෆ්ගනිස්තානයේ රජයේ හිටපු අමාත්‍යවරයෙකු සේවය කිරීම පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
තොරතුරු තාක්ෂණය සහ ටෙලිකොම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපාධිධාරියෙකු වන 49 හැවිරිදි සයිඩ් සදාත් ඇෆ්ගනිස්තාන රජයේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස වසර දෙකක කාලයක් කටයුතුකර තිබුණි.
2018 වසර දක්වා එම අමාත්‍ය ධූරයේ කටයුතු කළ ඔහු පසුගිය වසරේ ජර්මනියට ගොස් ඇත්තේ වඩා යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින් බව වාර්තා වෙයි.
නමුත් ඔහුට ජර්මනියේදී සුදුසුකමට සරිලන රැකියාවක් සොයාගැනීම අපහසුවී තිබේ. ඊට ප්‍රධාන බාධකය වී ඇත්තේ ජර්මන් භාෂාව නොහැකිවීමය.
එහිදී ඔහුට ලීප්සිග් නගරයේ ආහාර ඇණවුම් බෙදාහරින ආයතනයක සේවකයෙකු ලෙස කටයුතු කිරීමට සිදුව ඇති අතර පාපැදියෙන් ගොස් පාරිභෝගිකයින් වෙත සේවා සැපයීම ඔහුගේ කාර්යය වී ඇති බව සඳහන් ය.
රටක අමාත්‍යවරයෙකුව සිටි තමන් සිදුකරන රැකියාව පිළිබඳව ඇතමුන් විවිධ ප්‍රකාශ සිදුකළ ද ඒ පිළිබඳව කිසිදු කනගාටුවක් නොමැති බව සයිඩ් සදාත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්