ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර ඇත.
40 හැවිරිදි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත්වු පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මේ වන විට ජර්මනියෙන් කොවිඩ් 19 ආසාදිතයින් 391,355 දෙනෙකු වාර්තා වී තිබෙන අතර කොවිඩ් මරණ 9,999ක් වාර්තා වී ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි