ජර්මනියට, නෙදර්ලන්තයට සහ බෙල්ජියමට බලපෑ හදිසි ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 150 තෙක් ඉහළ ගොස් තිබේ. දිවි ගලවා ගැනීමේ අංශ පවසන්නේ තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවය. ඔවුන් සොයා මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී.
හිටිහැටියේ මෙසේ ජල ගැලීම් හටගෙන ඇත්තේ, වර්ෂාවත් සමඟ ගංගා පිටාර ගැලීමෙනි. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට මෙය ගෝලීය උණුසුම වේගයෙන් ඉහළ යෑම නිසා හටගත් අයිතකර තත්ත්වයකි. නගර, ගම්මාන සහ මාර්ග රැසක් ද මෝටර් රථ ද ජල ගැලීම්වලට හසුවීමෙන් විනාශ වී තිබේ.
සිදුවුණු මයා ව්‍යසනය දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව ජර්මන් ජනාධිපති ෆ්රෑන්ක් වෝල්ටර් මාධ්‍ය හමුවේ පැවැසීය. විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන ලබා දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ද ලබා දුන්නේය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි